දෙහිවල ජාතික සත්වෝද්‍යානය 90 වැනි සංවත්සරය සමරයි

Report

දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ආකර්ෂණය දිනාගත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරා තිබේ.

1936 ජූලි 03 වනදා ආරම්භ කරන ලද මෙම සත්වෝද්‍යානයේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇතුළු බොහෝ සේවාවන් ඉදිරියේදී ඩිජිටල්කරණය කරන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

පලියට පලිය ගන්න පද්මෙගේ ගෝලයා මෙහෙය වූ මීගමුවේ බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට තුවාල

පලියට පලිය ගන්න පද්මෙගේ ගෝලයා මෙහෙය වූ මීගමුවේ බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට තුවාල

අක්කර 23ක භුමියක පිහිටි දෙහිවල සත්වෝද්‍යානය ක්ෂිරපායින්, පක්ෂීන්, උරගයින්, උභයජීවීන් සහ ජලජ සත්ව විශේෂ රැසකට නිවහනක් වෙමින් ලොව පුරා වනජීවී විවිධත්වය ජනතාව වෙත සමීප කරවයි.

එය හුදෙක් විනෝදාස්වාදය සපයන ස්ථානයක් ඉක්මවා යමින් සත්ව සුබසාධනය, විද්‍යාත්මක පරික්ෂණ, සංරක්ෂණ අභිජනනය සහ පාරිසරික අධ්‍යාපනයට කැපවූ ජාතික මධ්‍යස්ථානයක් ලෙස ද සැලකේ.

මෙහි ඇති මින් මැදුර, සමනල උයන මෙන්ම ප්‍රසිද්ධ අලි රැඟුම් ද දෙස් විදෙස් ජනතා ආකර්ෂණය බෙහෙවින්ම දිනාගත් අංගයන් වේ.

මෙම සංවත්සර උත්සවය සඳහා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්.එම්.බී.පී. හේරත්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (දෙහිවල) හේමන්ත සමරසේකර සහ අධ්‍යක්ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි

අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි

මීට සමගාමීව, සත්වෝද්‍යානයේ උපත ලද සිංහ පැටවුන් දෙදෙනාට නම් තැබිමේ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණු අතර, එහිදී ගැහැණු සිංහ පැටවාට "Zora" සහ පිරිමි සිංහ පැටවාට "Cairo" යන නම් තෝරාගෙන තිබුණි.