ලෝකයම කැළඹූ ඝාතනය- උත්තරීතර නායක කමේනිගේ අවමංගල්‍යයට ගුවන් තොටුපළවල් වැසෙයි

Report

 ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු සමඟ සම්බන්ධ විශේෂ ආරක්ෂක හා සංවිධාන ක්‍රියාමාර්ගයක් ලෙස,  අද දින (7)  ටෙහෙරානයේ ගුවන් කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

සිවිල් ගුවන් සේවා සංවිධානය නිකුත් කළ කාලසටහනට අනුව, ඉරිදා දිනයේදී රට පුරා    සාමාන්‍ය ගුවන් ගමන් ක්‍රියාත්මක වන නමුත්, ප්‍රධාන අවමංගල්‍ය පෙරහැර පැවැත්වෙන අද දින ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන දෙකේම සාමාන්‍ය මෙහෙයුම් අත්හිටුවනු ඇත.

අඟහරුවාදා දින මෙහ්රාබාද් ගුවන්තොටුපළ යළි සාමාන්‍ය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත අතර, ඉමාම් කොමේනි ගුවන්තොටුපළ තවදුරටත් වසා තබන බවද වාර්තා වේ.

එමෙන්ම ජූලි 9 වන දින පැවැත්වීමට නියමිත අවසන් භූමදාන උත්සවය අතරතුර, මෂාඩ් නගරයේ ගුවන් කලාපය සහ ෂාහිඩ් හෂෙමිනෙජාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම්ද සම්පූර්ණයෙන් අත්හිටුවීමට නියමිත බව බලධාරීහු පවසති.

නිල කාලසටහනට අනුව, ජූලි 7–8 දිනවල රටේ අනෙකුත් ප්‍රදේශවල ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, අවසන් උත්සව දිනයේදී මෂාඩ් හැර සෙසු ප්‍රදේශවල සීමා නොමැති මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත.

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

අවමංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් සඳහන් කරමින් වාර්තා වන තොරතුරු අනුව, කමේනිගේ මරණය පසුගිය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද–ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාරයකින් සිදුවූ බවද සඳහන් වේ.

මෙම සිදුවීමෙන් පසු කලාපය පුරා ආතතීන් ඉහළ ගොස් ඇති අතර සති ගණනාවක් පුරා යුද තත්ත්වයක් පැවති බවද වාර්තා වේ.

නිල වැඩසටහනට අනුව, මහජන සමුගැනීමේ උත්සව

ටෙහෙරානයේ ප්‍රධාන පෙරහැරෙන් ආරම්භ වන අතර, අනතුරුව අවමංගල්‍ය චාරිත්‍ර කොම් නගරයට රැගෙන යාමට නියමිතය.

ඉන්පසු ජූලි 8 වන දින බැග්ඩෑඩ්, නජාෆ් සහ කර්බාලා නගරවල ආගමික උත්සව පැවැත්වීමට නියමිත අතර, අවසන් භූමදාන උත්සවය ජූලි 9 වන දින ඉමාම් රේසා සිද්ධස්ථානයේදී සිදු කිරීමට නියමිතය.