රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ, යහපත් කල්ක්‍රියාවෙන් යුතු පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් විපක්ෂය විසින් නැඟූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000 දෙනෙකු මේ වන විටත් රාජකාරි සඳහා වාර්තා කර ඇති බවයි.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින මානව සම්පත් හිඟය පිළිගන්නා බවත්, එම හිඟය පාලනය කරමින් විශේෂයෙන්ම පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණ දෙන අධික රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.