මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අධිකරණ ඇමති හෙළි කරයි
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම බන්ධනාගාර පද්ධතිය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක්දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි සිදුවීම් සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් ලෙස ව්‍යාප්ත වීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවයි.
තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ තොරතුරු ලැබී ඇති අතර, පැනනඟින ඕනෑම අවස්ථාවක ජීවිත හානි අවම කර ගනිමින් තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව ද ඔහු පැවසීය.
අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ මත්ද්‍රව්‍ය පදනම් කරගත් ආරවුලක් වුවද, මහර සිදුවීම පාලන තන්ත්‍රයට එරෙහිව සිදුවූවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එකවරම 1,000කට ආසන්න රැඳවියන් පිරිසක් පැමිණ පෙර නොවු විරූ ලෙස ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවට සැක කෙරෙන බවත්, ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අවධාරණය කළේය.
ගිනි තබා විනාශ කළේ මහජන බදු මුදල් බව රැඳවියන් වටහා ගත යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, සිද්ධිය පිළිබඳ විමර්ශනයට තමන්ගේ සභාපතිත්වයෙන් හා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු පොලීසිය, රස පරීක්ෂක හා නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.