දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්..

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Aug 23, 2023 03:41 PM GMT
krishani

krishani

Report

හෙට (24) දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

එම වැඩවර්ජනය පෙරවරු 8 සිට ක්‍රියාත්මක වේ.

බදවා ගැනීම් ප්‍රමාද කිරීම සහ උසස් වීම් විෂමතා ඉවත් කිරීමේ ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය විසින් මෙම වැඩවර්ජනය සිදු කරයි.

එයට විකිරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තීකයන්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකට අදාළ නිලධාරින් එක්වන බව එම බලමණ්ඩලය සඳහන් කළේ ය.

එමෙන්ම අයිසොප්ලෝරීන් සහ සියොප්ලෝරීන් නමැති නිර්වින්දන ඖෂධ වර්ග හිගවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අද සිට සාමාන්‍ය ශල්‍යකර්ම සිදුනොකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියා සිටියේ ය.

ඖෂධ හිගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් කරුණු විමසීමට සහ ඊට අදාළ ලිපියක් භාරදීමට අවශ්‍ය බව පවසමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයද අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය.

එහිදී විරෝධතාකරුවන් සහ අමාත්‍යාංශයේ ආරක්ෂක නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

කෙසේ වෙතත්, ඔවුන් අනතුරුව අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදෙන ලදී.

ReeCha