අලි මදිවට කොටි කිව්වලු .මෙන්න තවත් වර්ජනයක්
බණ්ඩාරවෙල ලංගම ඩිපෝව විසින් අද (17) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදු කළ පහරදීමක් මුල්කර ගනිමින් අදාළ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන් ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15 වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු විසින් අවවාද කර තිබෙනවා.
එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටිය දී මග රැක යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් පහර කෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වී ඇත්තේ.
එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පසුව අදාළ සැකකරු ඇප මත මුදා හැර ඇති අතර පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවයි.
ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බල කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
