පිරිමි ළමුන් සහ අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් දූෂණය කරන අයට වැඩ වරඳී...

Police Sri Lanka Children rape
By Aruna Jun 28, 2021 03:33 AM GMT
Aruna

Aruna

Report

පිරිමි ළමයින් දූෂණය කිරීම ද අපරාධයක් ලෙස සලකමින් දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

දැනට පවතින නීතිය අනුව දූෂණය කිරීමේ වරදට චූදිතයන් වන්නේ පිරිමින් වන අතර කාන්තාවන් දූෂණයේ වින්දිතයන් ලෙස සැලකෙයි.

එම නිසා දූෂණය පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතය.

කැමැත්ත නොමැතිව රඳවා තබාගැනීම, බලහත්කාරයෙන් හෝ තැතිගැන්වීමෙන්, තර්ජනය කිරීමෙන්, මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්වී සිටින අවස්ථාවක ලබාගත් කැමැත්ත, පුරුෂයා පිළිබඳව දැනගෙන කාන්තාවන්ගේ කැමැත්ත ඇතිව, වින්දිතයා වයස අවුරුදු 16ට අඩු අවස්ථාවක සිදුවන ක්‍රියාකාරකම් දූෂණය ලෙස සලකන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

වයස අවුරුදු 14ට වැඩි සහ 16ට නොඅඩු ගැහැනු ළමයකුගේ කැමැත්ත ඇතිව ලිංගික එක්වීම සිදුකර ඇති වයස අවුරුදු 22ට නොවැඩි චූදිතයකුට අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමක් උචිත පරිදි අත්හිටුවූ සිරදඬුවමක් වශයෙන් මහෙස්ත්‍රාත්වරයාට නියම කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට ද නියමිතය. ‘ලිංගික ප්‍රවේශය’ අර්ථ දැක්වීමද සං ශෝධනය කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha