රට පුරා ස්ථාන කිහිපයකට හදිසියේම ආරක්ෂාව තරකරයි..බන්ධනාගාරත් විශේෂ තීරණයක් ගනී..

Report

ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව, ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බලකායේ 510ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1,260ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ, අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

ඉස්ලාම් ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් ගෙන ඒමට උපදෙස් ලබාදී තිබේ.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ඒවා ලබාදීමට සියලු බන්ධනාගාර ආයතන කටයුතු කරනු ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.