මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නතර කෙරේ..කරන්න හදන දේ මෙන්න..?

By Sewvandhi Dec 23, 2021 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

"දින දෙකකට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී එතුමන් දුම්රිය සාමාන්‍යාධිකාරවරයාට දැනුම්දුන්නා කඩිනමින් අපේ ප්‍රශ්න විසඳන්න කියලා. ඊයේ දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරවරයා සමග පැවැති සාකච්ඡාවකදී කිසිදු යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ."

විශේෂයෙන්ම අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසඳුන ගැටලු සියල්ලම ඒ තත්ත්වයේ පවතින මට්ටමක තිබෙන්නේ. ඔහු කිසිදු විසඳුමක් දෙන මට්ටමක නැහැ. මගීන් සඳහා වන පහසුකම්ද දුම්රිය සංඥාවල දෝෂවත් නිවැරදි කරන්න වැනි කිසිදු දේකට ඔහු එකඟ නැහැ.

ඔහුට වෙන විකල්ප ක්‍රියාමාර්ගක් නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ කළා... මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අපි ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසු ඉවත් වෙලාතියෙනවා. ඒකට හේතුව පාර්සල් ප්‍රවාහන දුම්රිය 50% පමණ අවලංගු වෙලා තියෙන මොහොතත මේ උත්සව සමයේ අපේ ජනතාවගේ පාර්සල් ප්‍රවාහන අඩාලවෙලා තියෙනවා."

"ඒකට වගකියන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බැහැ. ඒ නිසා අපි පාර්සල් භාරගැනීමෙන් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වුණා. ඒ සමගම මේ සති අන්තයේ අපි බලාපොරොත්තු වෙනවා විශාල මගීන් ප්‍රමාණයක් ගම්බිම් බලා යන්නට සූදානම්වන මේ මොහොතක. ඔවුන්ට අවශ්‍ය දුම්රිය ප්‍රමාණය යොදවන්නට යෝජනා කරද්දිත්, රට සාමාන්‍යකරන වෙලා තියෙද්දි දුම්රිය සාමාන්‍යකරණය වෙලා නැහැ."

"දුම්රිය අසාමන්‍යකරණය වෙලා තියෙනවා. සම්මත දුම්රිය ප්‍රමාණයවත් ධාවනය කරගන්න නොහැකිව විශේෂ දුම්රිය දෙකක් යොදවලා විහිලුවක් කරන්න හදන එකේ මගීන් අවදානමකට දාන්න බැහැ.

ඒ නිසා අපි අද මධ්‍යම රාත්‍රියේ 12න් පසුව වෙන්කළ ආසන එහෙමත් නැතිනම් නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියන්යට ආසන වෙන්කිරීමෙන් හැර සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සියල්ල අත්හිටුවනවා. මොකද අපිට ප්‍රවේශපත්‍රයක් මගීන්ට දීලා ඔවුන් දුම්රියේ එල්ලිලා යන්න, දුම්රියේ නැගලා යන්නට බැරිවෙන තත්ත්වයකට පත්කරන්න බැහැ."

"මේකට විසඳුමක් දෙනතෙක් අපි දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද රාත්‍රී 12ට අත්හිටුවනවා. ඒ සමගම මේවාට විසඳුම් ලැබුණේ නැතිනම් මේ යන ක්‍රමවේදයට විරෝධතාවය දැක්වීමට අපේ අවසාන තීන්දුව වන 26 වනදා මධ්‍යම රාත්‍රී 12ට අපි අඛණ්ඩ දැවැන්ත වැඩ වර්ජනයකට යනවා.

සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක කාර්යාලවල දුම්රිය ස්ථානාධිපතිවරුන් සියල්ල එළියට බැහැලා අපි කටයුතු කරන්න සූදානම් වෙනවා. මෙයින් මගීන්ට අපහසුතාවයක් වුණොත් මේකේ වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරවරයා ඇතුළු පාලනාධිකාරිය භාරගන්න ඕනේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now