රනිල් දුන්න බාර් පර්මිට් නීත්‍යානුකූලයි. - අහෝසි කරන්න බෑ - ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්.

Report

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්, එමෙන්ම පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

ඒ, ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුතින් කිසිදු මත්පැන් බලපත්‍රයක් දීලා නෑ. මේ ලබා දී තිබෙන බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මාස ගණනාව තුළදී දුන්න බලපත්‍ර තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ.

අපි ඒවා මෙතන හැන්සාඩ් ගත කරලා තියෙනවා. බලපත්‍රයක් නීත්‍යනුකූලව ලබා දුන්නට පස්සේ ඒක නීතිමය ලියවිල්ලක්. ඒක අපි දේශපාලන වශයෙන් අකමැති වුණාට ඒක අහෝසි කිරීම නීතිමය කටයුත්තක්. ඒ නිසා ආණ්ඩුවකට ගිහින් ඒක බලහත්කාරයෙන් වහන්න බෑ.

ඒත් ඒ වෙනුවෙන් කළ හැකි පරිපාලනමය පියවර තිබෙනවා. අපි රටක් වශයෙන් ක්ලීන් කරන්න හදන්නේ පරණ කුණු කන්දල් තමයි.

මේවා තමයි කරපු විනාශය. අපි ආණ්ඩුවක් වශයෙන් කිසිසේත්ම බලපත්‍ර ලබා දෙන්නේ නැති වුණාට අලුතින්, නීත්‍යනුකූලව දුන්න ඒවා නතර කරන්න ගියොත් නීතිමය ගැටලුවක් එනවා.”

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්බුව නැති කරගනී. - සම්ප්‍රදාය කඩ කරමින් කළ එදිරිවාදිකම.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්බුව නැති කරගනී. - සම්ප්‍රදාය කඩ කරමින් කළ එදිරිවාදිකම.


You may like this video