STF නිලධාරියෙක් සිය ගිනි අවියෙන් වෙඩි තබාගනී.
Sri Lanka
Police officer stf
Suicide shooting
By Aruna
පොලිස් විශේෂ කාර්යය බළකායට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය සේවා ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්යය බළකා කඳවුරේ දී අදාළ නිලධාරියා විසින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අදාළ නිලධාරියා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |