ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් පියවර...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Economy of Sri Lanka Presidential Update
By Parami Dissanayake Jul 12, 2024 03:58 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (12) ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සම්බන්ධව සාකච්චා කළේ ය.

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්...

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්...

එහි දී, එතුමා පැවසුවේ, අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බව යි.

වැඩිදුරටත් අදහස් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ, රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවයි.

බන්ධනාගාර රැඳවියන්ට නව ආරංචියක්...

බන්ධනාගාර රැඳවියන්ට නව ආරංචියක්...

බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය. 

ReeCha