හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න ඕනෙනම් අල්ලස් කොමිසමට පහසුකම් ඕනේලු
අල්ලස් හා දූෂණ විරෝධී කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පහසුකම් සලසන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, දැනටමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” වෙතින් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේදී හරක් කටා සම්බන්ධ නඩුවක් කැඳවූ අවස්ථාවේ, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පවසා සිටියේ අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව හරක් කටාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍යතාවක් පවතින බවය.
ඒ අනුව, අදාළ විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය සහ පහසුකම් ලබා දෙන ලෙස අධිකරණය ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙත නියෝග කළේය.
