උත්සව සමයේදී PHI සංගමය කරන්න හදන දේ..උපුල් රෝහණ මහතාගෙන් විශේෂ දැනුම්දීමක්

By Sewvandhi Dec 25, 2021 07:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උත්සව සමයේ අවන්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ආහාර නිෂ්පාදනය මෙන්ම නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවයි.

කල් ඉකුත් වූ සහ ගුණාත්මක බවින් අඩු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් ආපනශාලා කිහිපයකට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව, උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද රෝහණ මහතා මහජනතාවට අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now