PHI සංගමයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Srilanka PHI upul rihana
By Sithumi Nov 02, 2021 02:24 PM GMT
Sithumi

Sithumi

Report

සංචරණ සීමා ඉවත් කළේ ජනතාවට රිසි සේ විනෝද චාරිකාවල යෙදෙන්නට නොවන බවත්, මේ වනවිට දකුණු පළාතෙන් සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවලින් යළිත් සැලකිය යුතු ලෙස රෝගීන් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා, "දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒක හොඳ තත්වයක් නෙවෙයි. එන්නත් ආවරණය නිසා මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් තිබුණත් රෝගීන් හඳුනාගැනීම තවදුරටත් ඉහළ යන්න පුළුවන් මේ විදිහට ගියොත්. 

ඉතාම නුදුරේදීම පාසල් ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා පැවති කෝවිඩ් කාර්ය සාධක කමිටුවේදී ජනාධිපතිතුමන් යෝජනා කළා. අපි මේ වනවිටත් බොහෝ පාසල්වල පරිශ්‍ර පරික්ෂාවට ලක්කර අවසන්. එමෙන්ම මේ වනවිට ආරම්භ කර ඇති ප්‍රාථමික අංශ සෞඛ්‍ය අංශ විසින් දැඩි පරික්ෂාවට ලක්කළා. බොහෝ පාසල් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සාධනීය තත්වයක පැවතියත් ඇතැම් පාසල්වල තත්ත්වය කනගාටුදායක බව නිරික්ෂණය වුණා. ඇතැම් පාසල්වල ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර තිබෙන අයුරු මෙන්ම ඒවා මෙහෙයවන්නට නියමිත පුද්ගලයන්ගේ උදාසීන තත්වයන්ද නිරීක්‍ෂණය වුණා. 

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුන් ආසාදිතයන් ලෙස හඳුනාගත් බවත් දැනගන්නට ලැබුණා. කෙසේවෙතත් අපි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් ආරම්භයට පෙර දෙමාපියන්, සිසුන් මෙන්ම අදාළ බලධාරින් දැනුවත් කර අවසන්. පාසල් තුළ සෞඛ්‍ය උපදෙස් පිළිබඳ ඇතිවන ගැටලු කාර්යසාධන බළකායට ඉදිරිපත් කරන්නටත් අවශ්‍ය කටයුතු සලසාදීමට අපේක්‍ෂ කරනවා” යනුවෙන් පැවසීය.

(කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර)