කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..- ඇමතිනී සුදර්ශිනී..

covid19 vaccination sudharshani fernando Pulle dr Padma Gunarathna
By Sewvandhi Sep 29, 2021 04:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.

ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය. මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.

මේ අතර, කොවිඩ් - 19 වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. අද (29) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ, යළි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇති බවය.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අන්තර් පළාත් සංචරණ සීමා විවෘත නොකළ යුතු බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය,

"අපි සියල්ලෝම එකතුවෙලා යළි රැල්ලක් නොඒමට වගබලා ගැනීම මේ අවස්ථාවේ දී අත්‍යාවශ්‍යයි. මොකද සමාජයක් විදියට තව රැල්ලක් ඔරොත්තු දෙන්නේ නැතිවෙන්න පුළුවන්. රටේ ජනතාවගෙන් සියයට 70ක් එන්නත්කරණයට යොමුවීමට නම් අපිට වයස 20ට වැඩි අය 100%ක් එන්නත්කරණය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

20ට වැඩි අයගෙන් 20%ක් එන්නත්කරණය සිද්ධවෙලා නෑ. ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය කිරීමේ වැඩි හැකියාවක් තාම තියෙනවා. අන්තර් පළාත් සංචරණය ඇරියොත් එකපාරට ම බොහෝ වෙලාවට කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් කියන කටයුතුවල වැඩියෙන් ම යෙදෙනවා. ඒ නිසා රට විවෘත කිරීම ක්‍රමවත්ව හිමින් කළ යුතුයි. අන්තර් පළාත් සංචරණය නැවැත්වුවහොත් අපි හිතනවා එය යහපතක් වෙන්න පුළුවන් කියලා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now