රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි
මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා. ඒ අනුව අදියර කිහිපයක් යටතේ ලබන සිකුරාදා සිට සීමා සහිතව රට යළි විවෘත කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.
මේ අතර කොවිඩ් ආසාදනය වූ දරුවන් අතර පැතිර යන ශාරීරික අවයවවලට බලපෑම් ඇතිකරන මාරාන්තික MISC රෝගී තත්ත්වය පිළිබඳවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මේ අතර ඊයේ සිදුවූ කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබුවා. මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 983ක් වාර්තා වුණා.
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1500ට වඩා අඩුවෙන් අඛණ්ඩව වාර්තා වූ 7 වන දිනය මෙයයි. 4000 සීමාවද ඉක්මවා ගිය මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දින 82කට පසුවයි 983ක් දක්වා අඩුවී තිබෙන්නේ.
මෙම අගය පසුගිය ජූලි 6 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුම අගයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,680ක් ලෙසයි.
පවතින තත්ත්වය හමුවේ ලබන පළමුවැනිදා සිට රට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර, ඔක්තෝම්බර් 1 වෙනිදා රට නැවත විවෘත කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මේ වන විට සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මීට පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ශක්තිමත් කරන බවයි. එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියළු අංශ වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය, ප්‍රවාහන සහ අනෙකුත් ක්ෂේත්‍ර වෙතින් මෙම නිර්දේශ ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමත් සමඟ තමන් මුහුණ පා ඇති ආර්ථික අපහසුතා පිළිබදව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.
එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටීමට තමන් අපේක්ෂා කරන බවයි. නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතු බස්නාහිර පළාතේ සියළු ප්‍රධාන රෝහල්වල අද ආරම්භ කෙරුණා.
ඒ අනුව රෝහල් 13කදී ෆයිසර් එන්නත ලබාදීම සිදුකෙරෙනවා. ළමයින් සඳහා සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලියේදී මේ දක්වා කිසිදු සංකූලතා වාර්තා වී නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |