‘කොරෝනා සුළුපටු රෝගයක් නොවේ.. සංචරණ සීමා තවත් දීර්ග කරනවාද..’ කැබිනට් ප‍්‍රකාශක කියයි..
කොරෝනා වෛරසය සුළුපටු රෝගයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ආසාදිතයන් වාර්තා වීම අනුව සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද ඒ මහතා සඳහන් කළේය.
නමුත් ඒ දේශපාලන තීන්දුවක් නොව රෝගීන් වාර්තා වීමක් මත සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දුවක් බවත් ඔවුන්ගේ තීන්දුව අනුව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.
කොරෝනා වෛරසය බැරෑරුම් ලෙස මුළු ලෝකයම පිළිගන්නා බවත් අපේ ජීවිත කාලයේ දී මුහුණ දෙන ප්‍රබලම සෞඛ්‍ය තර්ජනය මෙය බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
රටපුරා එන්නත්කරණය වේගයෙන් සිදු වුවද මාත‍්‍රා දෙකම ලබා ගත් ගත්තද හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බලපිටිය මූලික රෝහලේ දී මාධ්‍ය අමතමිනි.
එමෙන්ම,මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ගේ ගණන 292 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවතම දත්ත වාර්තා සඳහන් කරන්නේ, මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් සිදුවන බවයි.
එමෙන්ම කොළඹ නගරය තුළ සියයට සියයකින් පැතිර යන්නේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශය සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇල්ෆා ප්‍රභේදය අභිබවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බව මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්. මහාචාර්ය නිීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දරගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම සිදුකළ මෙම පරීක්ෂණය මගින් වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අලුතින් පැතිර යන්නේ සුපර් ඩෙල්ටා ප්‍රභේදයක් විය හැකි බවයි.
ජයවර්ධනපුර සරසවියට ලද සාම්පල පරීක්ෂා කිරීමේ දී නව ඩෙල්ටා ආසාදිතයින් 292 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
මෙම වර්තාව පිළිබඳව අප කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ මෙරට ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙල සියයට 80 ක ඉලක්කයට පැමිණි පසු සැප්තැම්බර් අවසානය පමණ වනවිට රෝගයේ යම් පාලනයක් බලාපොරොත්තු විය හැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |