භාණ්ඩ මිල වැඩිවීම ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)
කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක් මෙන්ම ඒවායේ හිඟයක්ද පවතින බව තමන් පිළිගන්නේ යැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ, වතුකරයේ ජනතාව සඳහා තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. උඩරට වතුකරයේ ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මකකළ රජයේ සහනාධාර සුබසාධන යෝජනා ක්‍රමය යටතේ තිරිඟු පිටි ලබාදීමේ සමාරම්භක උත්සවය අද (20) පැවැත්වුණි. ඒ තලවකැලේ, වටගොඩ මඩකුඹුර වතුයායේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
"පාරිභෝගික භාණ්ඩවල ප්‍රශ්නයක් තිබෙන බව අප පිළිගන්නවා. පසුගිය කාලසීමාව තුළදී විශේෂයෙන්ම හාල්, පිටි, කිරිපිටි, සීනි, ගෑස්, සිමෙන්ති මේ සෑමදෙයකම හිඟයක් සහ මිල වැඩිවීමක් තිබුණු බව අප පිළිගන්නවා. ඇතැම් ව්‍යාපාරිකයින් මේ අවස්ථාවේදී අයතා ලාබ ලබාගැනීමේ අරමුණක් ඇතිව බඩුමිල වැඩිකිරීමක් හිඟයක් ඇති බවට මවාපාලා ඇතිකරනවා.
ඒ වෙනුවෙනුත් පාරිභෝගික අධිකාරිය විදිහට අපි විශේෂ වැටලීම් සහ විමර්ශනයන් කරලා. ඒවා පාලනය කිරීමටත්, සමස්තයක් වශයෙන් භාණ්ඩ සුලභකරලා මිල පාලනය කිරීමේ ඉලක්කයක් ඇතිකරලා අපි ඒ කාර්ය කරනවා."
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |