කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් නව තීරණයක්..සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (01) උපදෙස් ලබා දී තිබෙනවා.
ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුට හිඟතාවයකින් තොරව ඔක්සිජන් ලබා දීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසත් ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.
ඔක්සිජන් නොමැතිව කිසිඳු රෝගියෙකු මියයාමට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මේ වන විටත් දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් සොයා බලන අතර එය තවදුරටත් කාර්යක්ෂම කරමින් අවශ්‍යතාවේ අඩු වැඩි වීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර මේ වන විට ඉන්දියාව , සිංගප්පූරුව වැනි රටවලින් ඔක්සිජන් ගෙන්වීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඒ අනුව කොවිඩ් ව්‍යසනය ඇතිවීමට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 20 -25 අතර පැවති අතර එම තත්ත්වය මේ වන විිට වඩාත් ඉහළ මට්ටමකට පත් වී ඇත.දෛනික ඔක්සිජන් නිෂ්පාදනයට අමතරව අතිරේක ඔක්සිජන් ගබඩාවක්ද මෙරට ක්‍රියාත්මක අතර තවත් එවැනි ගබඩාවක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.මේ අතර මේ වන විට ඉන්දියාව , සිංගප්පූරුව වැනි රටවලින් ඔක්සිජන් ගෙන්වීමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |