විදුලි බිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්..! බිල වැඩි වෙයිද..?

Electricity bill Gamini Lokuge Ranjan Jayalal Ugadhanav
By Sewvandhi Oct 30, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර ,කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රජය අමෙරිකාව සමඟ අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, ලබන 03 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවය. ඊට පෙර රජය අදාළ ගිවිසුම අවලංගු කිරීමට පියවර ගත යුතු බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

"පක්ෂ 11ක නායකයෝ අපිට පොරොන්දු වුණා ඉදිරියේ දී වෘත්තීය සමිති එක්ක සමගාමි ක්‍රියාමාර්ගවලට යනවා කියලා. නොවැම්බර් 3 අපේ සේවකයෝ කොළඹට එනවා. එදාට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට රොද බඳිනවා. විදුලිබල මණ්ඩලයේ සියලු රෙජිමේන්තු ජාතික විරෝධතා දිනයක් බවට තුන්වනදා පත්වෙන එක වළක්වන්න ආණ්ඩුවට බෑ.

එකක් පුළුවන්. පුළුවන් නම් තුන්වෙනිදාට කලින් ගිවිසුම හෙළිදරව් කරන්න. වහාම ඉල්ලා අස්කර ගන්න. තුන්වෙනිදායින් පස්සේ මුළු රටම අඳුරට පත්වෙන වැඩවර්ජනයකට අපි යනවා. ඉස්කෝල වැහුවා වගේ නෙමෙයි තෙල් වරාය විදුලි කියලා කියන්නේ, මරමස්ථාන තුනක්. ඒ ආයතන තුනෙන් එකක් බැස්සත් අනෙක් ඔක්කෝම ඇණහිටිනවා.

මාධ්‍ය ආයතන ඔක්කෝම වැටෙනවා. රූපවාහිනි නෑ. ගුවන්විදුලිය අහන්න බෑ. අඩුම තරමේ ගෙදර තියෙන ජෙනරේටරයවත් පණගැන්වීමට බැරිතැනකට තත්ත්වකට පත්වුණාම තමා අපි වැඩවර්ජනය කරන්නේ. එන්නේ නෑ ගිවිසුම හකුළගන්නකල්. නම්බු පිටින් ගිවිසුම හකුළා ගන්න ඊට කලින්."

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.