දරුවන්ට එන්නත් දීම පිළිබඳ ප්‍රශ්නයක්..ආචාර්ය චන්දිම ජීවාන්දරගෙන් ප්‍රකාශයක්
පාසල් විවෘත කිරීමට පෙර සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රායෝගික තීරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන අවබෝධයක් හෝ අධ්‍යනයක් නොමැතිව එවැනි තීරණයකට යාම සුදුසු නොවන බවද පාසල් ඉතා ඉක්මනින්ම විවෘත කිරීමට අදාළ අංශ මග පෙන්වීම් ලබා දිය යුතු බවද ආචාර්යවරයා පවසනවා.
වයස 18 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් දරුවන්ට ඉබේම රැකවරණය සැලසෙන බවත්, දරුවන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන් ළඟදීම පරීක්ෂණයක් අරඹන බවද සඳහන් කළා.
සෞඛ්‍ය අංශවලින් අවශ්‍ය දත්ත ලබාගෙන ඒ පරීක්ෂණය කරන බවයි ඔහු පැවසුවේ. මේ අතර එන්නත්කරණය අවසන්වූ පසු ලබන ඔක්තෝබර් මාසයවන රටේ යහපත් තත්වයක් ඇතිවනු බවට විශ්වාස කළ හැකි බවත් සියලුම වයිරසවලට පිළිතුර එන්නත්කරණය බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.
ඩෙල්ටා වෛරස ප්‍රභේදය කොළඹ සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර අවසන් බවත්, ඩෙල්ටා අනෙකුත් ප්‍රදේශවල පැතිරීම ගැන අදහස් පළ කිරීමට දැනට පවතින දත්ත ප්‍රමාණවත් නොවන බවයි සඳහන් කළේ.
ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම රටකට අගෞරවයක් හෝ මදි පුංචිකමක් හෝ නොවන බවත් අද ලෝකය පුරා ප්‍රමුඛව පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවත් ඔහු පැවසුවා.
ලෝකයේ බහුතරයක් එන්නත්කරණයට ලක් කරන තුරු නව කොවිඩ් ප්‍රභේද බිහිවනු ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |