රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..මුදල් ඇමතිගේ ස්ථාවරය(VIDEO)
BASIL RAJAPAKSHA
GOVERNMENT WORKERS
SALARY INCREAMENT
By Sewvandhi
රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මං හිතන්නේ තවදුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනේ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. වගකීමෙන් කියනවා, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට පුළුවන්කමක් නෑ. වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |