උත්සව සමය වෙනුවෙන් වෙළඳ ඇමතිගෙන් යළිත් සහන මල්ලක්
economic
Sathosa
Bandula Gunawardhana
vegetable price
By Sewvandhi
ඉදිරි දින දෙක, තුන ඇතුළත උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් ඇතුළු සහන මල්ලක් පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්.
මේ අතර, දිවයිනේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තවදුරටත් එළවළු වර්ගවල මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා. කෙසේ වෙතත්, කොළඹ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලෙහි අද යම් පහළ යාමක් ද දක්නට ලැබුණා.
එහි වෙළඳුන් කියා සිටියේ පොහොර ගැටළුවලට විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේදී එළවළු සම්බන්ධ ගැටළුව තවත් උග්‍ර වනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |