භයානක අවධානමක් ගැන වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..

By Sewvandhi Dec 23, 2021 02:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයක වේගයෙන් පැතිරෙන පසුබිමක උත්සව සමයේ සිදුවන පුද්ගල ඒකරාශීවීම් හේතුවෙන් කොවිඩ්-19 රෝගය පැතිර යාමේ ත් බරපතළ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අඟවයි. ඇය මෙසේ කීවාය.

"අපි කොවිඩ් අවදානම ගැන කතා කළොත් අපි සෑම දා ම කොවිඩ් රෝගීන් කොහොමත් 500 ත් 700ත් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නවා. මරණ ත් 20ක් විතර දැන් මේ වන විට බොහෝ වේලාවට සඳහන් වෙනවා.

අපි මේ ඉදිරියේදී උත්සව සමයක ඉන්නේ. ඒක නිසා අපි බොහෝ වෙලාවට ඒකරාශී වීම් දකිනවා. ඒ වගේ ම ඔමික්‍රෝන් ප්‍රභේදය බොහේ රටවල්වල මේ වන විට ලෝකය පුරා ම රටවල් 70කට වඩා ප්‍රමාණයක අඳුනාගෙන තියෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයකින් පමණ වේගයකින් පැතිරෙන බව ත් මේ වන විට සනාථ වෙලා තියෙනවා. මේක නිසා දැනට අපට බරපතළ ප්‍රශ්න 2කට ගොදුරුවීමේ අවදානමක් තියෙනවා.

ඒකරාශී වීම් නිසා රෝගය පැතිරීයාම ත් සහ ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළට පැමිණිම නිසා කොවිඩ් රෝගය පැතිරීම ත් කියන මේ දෙක ම අවදානම අපි අභියස තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now