රනිල් කියන්නේ නයෙක් නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා - පෙරට්ටන්ගෙන් අනුරට අනතුරු ඇගවීමක්
Anura Kumara Dissanayaka
Ranil Wickremesinghe
Sri Lanka Politician
Latest Headlines
gagana news
By Mithu
රනිල් වික්රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු වී අදහස් ඉදිරිපත් කළේය.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම්, ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්රික් කණ්ඩායම් නායක දුමින්ද නාගමුව රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස ද ඉදිරිපත් කොට තිබේ.
වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ,
රනිල් වික්රමසිංහව ඇතුලට දාන්න තීරණය කරපු දේ අගය කළ යුතු බවත් කිසිසේත් මේ තීරණය ආපස්සට නොගත යුතු බවත්ය. ඒ වගේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ රනිල් කියන්නේ නයෙක් බැරිවෙලා හරි ඔහු එළියට දාලා නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත වගේ වැඩ කරන්න එපා කියලයි. කෙසේ නමුත් හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාට ඊයේ දෙන ඇප ලබා ගැනීමට හැකි විය.