ශ්‍රී පාද වන්දනා සමය ඇරඹීමට දේවාභරණ රැගත් පෙරහැර ඇරඹේ

Sri Lanka Religion Rathnapura saman dewalaya Sripadaya
By Aruna Dec 17, 2021 03:52 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීම නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර ආරම්භ වී තිබේ.

අද උදෑසන 5ට එම පෙරහැර ආරම්භ වු බව පොලිසිය පැවසීය.

රථ පෙරහැර බදුල්ල - රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතය.

අදාළ කාලය තුළ එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය හැකි බව පොලිසිය සඳහන් කරයි.

මෙම කාලය තුළදී රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ රත්නපුර සිට පානදුර මාර්ගයේ මහ සමන් දේවාලය දක්වා වූ මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now