අප්‍රේල් මාසයේ විදෙස්ගත ශ්‍රමික ප්‍රේශණ ඩොලර් මිලියන 454 ක් දක්වා ඉහළට
By Sithumi
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය මෙම වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 454 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
එය 2022 අප්‍රේල් මාසයේ ලැබුණු විදේශ ප්‍රේශණ ප්‍රමාණයට සාපේක්ෂව 82.4% ක වර්ධනයක් බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 248.9 ක් ලෙසයි 2022 අප්‍රේල් මාසයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය දැක්වුණේ.
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1867.2 ක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා.