ඉතාලියේ මිලානෝ නුවර දී ශ්‍රි ලාංකිකයෝ පාරට බැස්ස හැටි මෙන්න...(VIDEO)

Protest Italy Gagana news Sri Lankans in Milan
By Subodha Apr 11, 2022 06:18 AM GMT
Subodha

Subodha

Report

මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකල අසාර්ථක පාලනය නිසා ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර පසුගිය 9 වෙනිදා උදෑසන 9ට ආරම්භ වූ නිර්පාක්ෂික ජනතා අරගලය මේ වනවිට තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා.

මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම සටන ක්‍රියාත්මක වෙන්නේ.

මේ වනවිට ලෝක අවධානය යොමුවී ඇති මෙම විරෝධතාව දිනෙන් දින සටන තීව්‍ර කිරීමට පිරිස් කටයුතු කරමින් ඉදිරියට ගෙනයන අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයොත් ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරතවෙනවා.

එහි පැවති විරෝධතාවේ වීඩියෝව පහතින් 

දර්ශන අයිතිය - Neth News


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now