”මම ශ්‍රී ලංකාවට ගොස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා"2019 ලෝක කුසලාන එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙරට ප්‍රධාන පුහුණුකරු වෙමින් කියු කතාව...

Chris Silverwood Gagana news Sri lankan cricker new Head coach Sri Lanka Cricket Institute
By Subodha Apr 10, 2022 07:00 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට තීරණය කර තිබෙනවා.

ඒ වසර දෙකක කාලයක් සදහයි.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වුණේ, 2019 වසරේ ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බේලීස් එම ධුරයෙන් ඉවත්වීමත් සමඟයි.

මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සිල්වර්වුඩ් තරුණ ක්‍රීඩකයින් සමඟ කණ්ඩායමක් ගොඩනැංවීමට සමත් පුහුණුකරුවකු ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 06ක් සහ එක්දින තරග 07කට ක්‍රීඩා කර ඇති ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරු දිවිය ආරම්භ කරනවා.

 ”මම ශ්‍රී ලංකාවට ගොස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා, ඔවුන් සතුව දක්ෂ සහ උද්යෝගීමත් ක්‍රීඩකයින් පිරිසක් සිටින අතර ඔවුන් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලය ඉක්මනින් මුණගැසී කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.” යනුවෙන්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now

ReeCha