මරණේ ගේන මාරයා ආරක්ෂිතයි.බෝතලයට ඩිජිටල් ඉස්ටිකරයක්

#SriLanka#news#Arrack#Digital#Stickers#Sri-Lankan-Market#Safe#illegal-trade-banned#
By krishani Dec 31, 2021 09:53 AM GMT
krishani

krishani

Report

මත්පැන්වලට ඇතැම් දෙනාගේ ඇති ඇබ්බැහිවීම් දැක බලා ගත හැක්‌කේ යම් යම් උත්සව අවස්‌ථාවලදී සුරාසැල් වසන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළ විටදී ය. සුරාසල් වසන දිනයට පෙර දිනයේ බොහෝ සුරාසල් ඉදිරිපිට දිගු පෝළිම් දැකිය හැකිය.

එක්‌ දිනක්‌ හෝ මත්පැන් නොබී සිටීමට බැරි දැයි කියා මෙවැනි පිරිස්‌ දකින විට සිතට නැඟේ.

කෙසේවෙතත් මත්පැන් හඳුනා ගැනීම මෙන්ම නීති විරෝධී ලෙස වෙළඳපොලට ඇතුළු වීම වැළැක්වීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනය කරන මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇල වීම අනිවාර්ය කර තිබේ.ලබන සදුදා සිට මෙම ස්ටිකරය ඇල වීම අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම දැනට වෙළඳ පොලේ ඇති මත්පැන් තොග අවසන් වීම සඳහා මාස 3ක කාලයක් ලබා දෙන අතර ලබන අප්‍රේල් පළමු වෙනිදා සිට සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය බව සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් විස්තර කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now