"ඕනම පාඩු ලබන ආයතනයක් මට දෙන්න.. මං උස්සලා පෙන්නන්නම්.." පොහොර ගැටළුව ගැන ප්‍රබල හෙළිදරව්වක් ( EXCLUSIVE VIDEO)
මේ දිනවල රටේ පවතින ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ පොහොර ගැටළුවයි. අසාර්ථක කාබනික ව්‍යාපෘතිය මේ අයුරින්ම දිගටම කරගෙන ගියහොත් තේ දළු කිලෝවක මිල රුපියල් 50ක් 60ක් දක්වා පහළ බසිනු ඇති බවත් ලබන වසරේ මාස 3-4 ගිය පසු හාල් පරිප්පු ,සිනී වැනි දේ හිගවී රටේ කන්නවත් නැතිවෙන තත්වයක් උදාවිය හැකි බව ව්‍යාපාරිකයකු හා ලංකාවේ හොදම ගොවියා බවට තෙවරක් සම්මානයෙන් පිදුම් ලැබු චන්ද්‍රලාල් අබේගුණවර්ධන ගගන යූටිබ් නාලිකාවේ ඉදිරිපත් කළ කාලින දේශපාලන සහ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමින් පැවසීය.
මෙම විනාශයට වගකිවයුත්තේ කෘෂිකර්මය පිළිබදව අවබෝධයක් නොමැති පිරිසක් විසින් උපදෙස් දුන් අය හා කෘෂිකර්මයට අදාළ ආයතනවල වගකීම් දරන ප්‍රයෝගික කෘෂිකර්මය පිළිබඳ අවබෝධයක් නොමැති නිලධාරින් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
රතන හිමියන්ට කෘෂිකර්මය පිළිබදව ඇත්තේ 1 % ක් හෝ 2%ක සුළු අවබෝධයක් බවත්, මෙම විනාශය සිදු නොකරන ලෙස එම ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට තමන් කිහිප විටක් උත්සාහ ගත් නමුත්, එම උත්සාහය අසාර්ථක වූ බවත්,වෛද්‍ය පාදෙණිය වැනි කාබනික වගාවට උපදෙස් දුන් පුද්ගලයන් ද කෘෂිකර්මය ගැන නොදාන්නා අය බවත් ඔහු මෙම සංවාදයේදී ප්‍රකාශ කරනු ලැබීය. එම සංවාදයේ දී සිදුකළ ප්‍රබල හෙලිදරව් පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |