නව ගුවන් යානයක් මිලදී ගැනීමේදී ශ්‍රි ලංකන් ගුවන් සේවයේ වංචා සම්බන්ධයෙන් නඩුව අධිකරණයට..
SriLankan Airlines
Sri Lanka
Sri Lanka Magistrate Court
By Piyumika
ශ්‍රි ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් මිලදී ගැනීමේදී සිදුව ඇති බවට පැවසෙන වංචා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළ නීතිපති උපදෙස් ලබාගැනිම සදහා ලබන වසරේ අප්‍රේල් මස 02වනදා නඩුව යළි කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඊයේ (13) නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නඩුව විවෘත අධිකරණයේ කැදවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.
විමර්ශනවලට අදාළව ඇප මත මුදා හැර සිටින ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද ප්‍රියන්කා විජේනායක ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිටියා.