විවාහය කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක්, ඉතින් දැන් විවාහ වෙන්න කාලය ඇවිත්-ශලනි තාරකා (PHOTOS)

By Sithumi Dec 02, 2022 01:34 PM GMT
Report
155 Shares

ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන ස්නේහාගේ චරිතයට වයස් භේදයකින් තොරව හැමෝම ආදරය කරනවා කියලයි ඇය කියන්නේ. 

ඒ වගේම ඇයගේ සහෝදර රංගන ශිල්පී සචිත් ලියනගේත් ඇයගේ චරිතය කරන්න ලොකු සහයක් ලබා දෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය හිතන්නේ ආදරය කියන්නේ අවංක හැඟීමක් කියලා. ඉතින් ඒක එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක් කියලත් ඇය කියනවා. 

 ඒ වගේම දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්නා උදව් කරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා නම් එතැන ආදරේ පවතිනවා. ඉතින් ආදරය කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.

මොකද අවංකම දෙන්නකුට දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕනේ වගේම දෙන්නට දෙන්නා අවංක වෙන්නත් ඕන නිසා. ඒ වගේම විවාහය කියන්නෙත් ජීවිතයට අවශ්‍ය දෙයක් කියලත් ඇය කියනවා. ඉතින් දැන් නම් විවාහ වෙන්නත් කාලය හරිලු. හැබැයි ඇය වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් ඇය විවාහ වෙන්නේ නැහැලු.

ඒ වගේම ඇයට ඕනේ ඇයත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය කසාද බැඳලා ඩිවොස් වෙන්න මම කොහොමත් කැමැති නැහැ කියලයි ශලනි අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery