වැලිකන්දේ තරුණිය මිය ගියේ. ගෑස් කාන්දුවෙන් නොවේ.. සිරුරට ගිණි තාබගෙන.. - පොලීසිය

By Sithumi Nov 26, 2021 03:08 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයේෂා කුමුදුනී මියගිය හේතුව සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. 

 වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි ඇය මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බව පොලිස් විමර්ශන අනුව තහවුරු වී තිබේ. 

මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර ඇත. මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් ඇය තුවාල ලබා ඇති බවය. 

ඇයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනයවීමක් නිසා ඇතිවූ මරණයක් බවට නිගමනය කර ඇත. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 24වනදා ඇය මියගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now