යළිත් වැඩ වර්ජනය රැල්ලක්..? වෘත්තිකයන් කරන්න යන දේ..
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
අද (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබුණි. උපයනවිට බද්ද සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ලබාගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණා.
මෙතෙක් එම අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ
,
"අවසන් වරට අපිට දුන් පොරොන්දුව ඉටු කරන්නවත් උවමනාවක් නැති බව පේනවා."
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,
"අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න. අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයට යන්න වෙනවා."
