වන අලි සිරුරු දෙකක් ගොඩගත් හේතුව...

Sri Lanka Elephant Crime
By Sithumi Dec 31, 2022 01:01 PM GMT
Sithumi

Sithumi

Report

වන අලින් දෙදෙනෙකු ඝාතනය කර අනුරාධපුර පෙරිනියන්කුලම ප්‍රදේශයේ වගා භූමියක වල දමා තිබූ සිරුරු වනජීවී නිලධාරි විසින් ගොඩගෙන තිබෙනවා. 

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ විදුලි සැර වැදීම හේතුවෙන් මෙම අලින් දෙදෙනා මියගොස් ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ තිරප්පනය වන අඩවි කාර්යාල නිලධාරින් එම වන අලින් වළ දමා තිබූ ප්‍රදේශය හඳුනාගෙන එම අලින්ගේ සිරුරු ගොඩ ගැනීමට කටයුතු කළා. 

 එම වන අලින්ගේ සිරුරු වළ දැමීමට පෙර පුළුස්සා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, වන අලින්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now