විවාහා උත්සවේට තිබුන සල්ලි වලින් ගමකම කුසගිනි නිවූ තරුණ යුවල.

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 01, 2023 05:43 PM GMT
Sithumi

Sithumi

Report

සිය මංගල උත්සව කටයුතු සඳහා වැය කිරීමට තිබූ මුදලින් ආර්ථික අපහසුතා ඇති ජනතාව ට උපකාර කල යුවළක් පිළිබඳව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා. ඒ මෙරට සම්භවයක් සහිත ජර්මනියේ පදිංචිව සිටින ස්ටෙෆාන් සහ ජූලියා නමැති ජර්මන් ජාතික තරුණියක්. 

  එම යුවළ මංගල උත්සවය සදහා තබාගෙන තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ ඒ සඳහා වැයකර තිබුන බවයි වාර්තා වෙන්නේ. වර්තමානයේ මෙරට ඇති අර්ථික අපහසුතා තේරුම්ගත් ස්ටෙෆාන් සහ ජූලියා මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ අර්ථික අපහසුතා ඇති පිරිස් වෙනුවෙන් මෙම මුදල වියදම් කර තිබෙනවා.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ස්ටෙෆාන් පැවසුවේ මීට වසර 10කට පෙර සිය සහෝදරයා විවාහ වු අවස්ථාවේ ද මේ ආකාරයෙන්ම ආර්ථික අපහසුතා තිබු ජනතාව වෙනුවෙන් එම මුදල් වියදම් කළ බවයි. ස්ටෙෆාන්ගේ පියා ජර්මන් ජාතිකයෙකු වන අතර ඔහු දෙවන ලෝක යුද සමයේ මෙරට රැඳි සිටි හමුදා කණ්ඩායමේ සාමාජිකයෙක්‌ වෙනවා.