ජල සැපසුම සම්බන්ධයෙන් නිවේදනයක්

By Sithumi Apr 08, 2023 03:13 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනව.

එම කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා