සරසවි විරෝධතා පාලනය කළ ආකාරය ගැන විමසන්න මහජන ආරක්ෂක ඇමතිට කැඳවීමක්
කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ ඒ අනුව මාර්තු 13 වනදා පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දුන් බවයි.
මේ අතර අදාළ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කළේ
එම උද්ඝෝෂණ පාලනය කිරීමට අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාමලේඛනයක් මාර්තු 10 වන දිනට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.