දැන් ත්‍රිපෝෂ නොදෙන්න හේතුව මෙන්න

Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් රට පුරා බොහෝ මාතෘ සහ ළමා රෝහල්වල ත්‍රිපෝෂ ලබාදීමේදී දැඩි හිඟයක් පවතින බව ප්‍රකාශ කරයි.

එබැවින් ත්‍රිපෝෂ යකඩ ඌනතාවයෙන් පෙළෙන මව්වරුන් සහ, බර අඩු ගර්භනී මව්වරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට පමණක් ලබාදීම සිදුකරන බවද ඔහු සඳහන් කරයි.

එහෙත් දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන අතර අදාළ වැඩපිළිවෙල නැවත අරඹන බව කියුවද මේ දක්වා එය ආරම්භ කිරීමට රජය අසමත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

එමෙන්ම මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ සමාගම ඉකුත්දා ජනාධිපතිවරයාට විශේෂ ලෙසත්, නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට පත් කර තිබෙනවා.

ඊට අමතරව සමාගම විකිණීමට යම් කුමන්ත්‍රණයක් ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමති ඉකුත්දා චෝදනා කළා.

ඒ අනුව මේ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වු ත්‍රිපෝෂ සමාගම ගලවා ඉවත්කොට වෙළඳ අමාත්‍යංශය යටතට පත් කළේ කුමන පදනමකින්ද යන්න රජය පැහැදිලි කළ යුතු බවද වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න