ට්‍රක් රථයක්, ත්‍රීරෝද රථ 08ක, මොටෝරියක සහ යතුරුපැදියක ගැටේ- මාරක රිය අනතුරක්
පස් යාල - ගිරිඋල්ල මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙන අතර වාර්ථා වන්නේ අද (08) පස්වරු 05ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මීරිගම - කල්එළිය ප්‍රදේශයේ දී බවයි.
මෙම අනතුරට ලක් වී ඇත්තේ ට්‍රක් රථයක්, ත්‍රීරෝද රථ 08ක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් වන අතර අදාළ ට්‍රක් රථයෙහි තිරිංගවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක්, ත්‍රීවිල් 08ක සහ යතුරුපැදියක ද ගැටී නිවසක තාප්පයේ ද ගැටී නතර වී ඇති බවයි සදහන් වන්නේ.
අනතුරින් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව නැති අතර, සිද්ධියෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන් මේ වනවිට මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතළ නොවන බවයි.
මෙම අනතුර හේතුවෙන් මේ වනවිට මාර්ගයේ ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති අතර, මීරිගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් එක්ව එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා.