හෙට සිට දුම්රිය ධාවනය ඇනහිටී ....

srilanka transprost dammika jayasundara
By Nimal Aug 20, 2021 02:34 PM GMT
Nimal

Nimal

Report

 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමගින් හෙට  21 සදුදා සිට 30 දින දක්වා මගී දුම්රියයන් කිසිවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

එක් මගි දුම්රියයක් හෝ ධාවනයට එක් කලහොත් එහි ආරක්ෂිත තත්ත්වය පිළිබදව ගැටලු මතුවන බැවින් රජය ගෙනයන වැඩ පිළිවලෙට සහාය දක්වන අයුරින් මගී ජනතාවගේ ද ආරක්ෂාව වෙනුවෙන් අදාල කාල සීමාව තුළ මගී දුම්රියයන් ධාවනය අත්හිටුවා තිබේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති වරු ඇතුළු දුම්රිය කාර්ය   මණ්ඩලය තුලද  කොරෝනා ව්‍යාප්ත වීමක්  පෙන්නුම්  කරන බැවින් මෙම කාලසීමාව තුළ  .ව්‍යාප්තිය වැලක්වීමටද හැකියාව ලැබෙනු ඇත.  නමුත් තෙල් දුම්රිය හා බඩු දුම්රියයන් අදාල කාලසීමාව තුළ සුපුරුදු පරිදි ධාවනය කෙරේ.

අදාල දින දහයක කාලසීමාව තුළ කොටුව, මරදාන ,රාගම ගම්පහ ,වේයන්ගොඩ, පානදුර ,කළුතර යන ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළු අනිකුත් දුම්රිය ස්ථාන විෂබීජ හරනය කිරීමට නියමිතය .

එවිට නැවත රට ඇරිය පසු මගී ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉතා ආරක්ෂිතව රාජකාරි සදහා දුම්රියයෙන් ගමන් කල හැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.  

ReeCha