උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්

Report

උතුරු-මැද, නැගෙනහිර පළාත්වලට අමතරව යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට විමසිලිමත්වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

මෙම උණුසුම් දර්ශකය ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත භාවිතයෙන්, වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින්, හෙට (අගෝස්තු 7) දිනය සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගණනය කර ඇති අතර, එය ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයක් ලෙස හඳුන්වයි.

එමෙන්ම, මෙය වායුගෝලීය උෂ්ණත්වයේ උපරිම අගය නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්