රට පුරා අඩු මිලට සීනි

Report

සීනි සමාගම හරහා පාරිභෝගිකයින්ට අඩු මිලට සීනි ලබාදෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මාසය තුළ දිස්ත්‍රික්ක 25ක ශ්‍රී ලංකා සීනි සමාගමේ තොග බෙදාහැරීමේ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කර අඩු මිලට සීනි ලබාදීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙමින්ය.

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල උක් ගොවීන්ට ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

“මෙම සමාගම්වල මූල්‍ය අර්බුදය පිළිබඳව මම අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. අප පැල්වත්ත සහ සෙවනගල සමාගම් පවරා ගත් විට පැල්වත්තේ සේවකයින් 3,847ක් සහ සෙවනගලේ සේවකයින් 1,269ක් සිටියහ. එවකට ස්ථාවර ව්‍යවස්ථාපිත ගෙවීම් රුපියල් මිලියන 3,977ක් වූ අතර, ගොවීන්ට රුපියල් මිලියන 609ක්, සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 1,269ක් ඇතුළුව රුපියල් මිලියන 6,279ක ගෙවීම් අපට සිදුකිරීමට සිදුවිය. බැංකු ණය ලෙස රුපියල් මිලියන 1,176ක් ද විය” යනුවෙන් ඔහු පැවසීය. 

දීපිකා පදුකෝන්ගේ වීඩියෝවට බිලියන 1.9 ක් නැරඹුම් - ඉන්ස්ටග්‍රෑම් වාර්තා බිඳ හෙලයි

දීපිකා පදුකෝන්ගේ වීඩියෝවට බිලියන 1.9 ක් නැරඹුම් - ඉන්ස්ටග්‍රෑම් වාර්තා බිඳ හෙලයි

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න