විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.
වයස අවුරුදු 11ක් පමණ වන මැදිරිගිරිය විජයපුර පිරිවෙන් විහාරස්ථානයේ සිටි සාමනේර හිමිනමකට යම් වජිකරණයක් පානය කොට කොසු මිටි වලින් පහර දී පසුව ලිංගිකව හිංසනයට ලක් කිරීමේ අපරාධයට චෝදනා එල්ල වූ විහාරාධිපති හිමිට හා ඔහුගේ සහෝදරයාට එරෙහි නඩුව ලබන මස ඔක්තෝම්බර් 29 දින කැදවන ලෙස හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්දා ප්රශස්ති කරුණාරත්න මහත්මිය තීන්දුව ලබා දී ඇත.
මෙම නඩුවේ පළමු සැකකරු වන 35 හැවිරිදි විහාරාධිපති සිරිකදුයායේ විපස්සි හිමි හා දෙවන සැකකරු වන ඔහුගේ සොයුරු 26 හැවිරිදි සංජිව ගයාන් රිමාන්ඩ් සිර දඩුවමට ලක්ව සිටි නමුත් මේ වන විට ඇප මත නිදහස් වී ඇත.
මෙම සිදුවීමෙන් අතිශය මානසික පීඩනයට ලක් වූ සාමනේර හිමි සිවුරු හැර පැවිදි දිවිය අත්හල බව වාර්තා වේ.
මේ වනවිට අධිකරණයට සැකකරුගේ දුරකතනයෙන් පැමිණිලිකරුට කල තර්ජන වල හඩ පට හා අධිකරණ වෛද්‍ය ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
