අද මධ්‍ය රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක ...

srilanka tranprost sumeda somarathna
By Nimal Aug 12, 2021 11:00 AM GMT
Nimal

Nimal

Report

දුම්රිය බලධාරීන් සේවකයා කොවිඩ් අවධානමෙන් රැකගන්න ක්‍රමවේදයක් දියත් නොකිරීම හේතුවෙන් අද මධ්‍ය රාත්‍රියේ සිය සියළුම දුම්රිය ස්ථානාධිපතිවරු සිය රාජකාරියේ ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

පැය 24 ක් පුරා සේවයෙන් ඉවත්විමට පියවර ගෙන ඇත්තේ මේ වනවිට ප්‍රවාහන උපදේපාර්තුමේන්තුවේ නිලධාරීන් දුම්රිය ස්ථානාධිපති වරු 30 ඇතුලුව 78 දෙනෙකු ආසාදිතයින් වී නිරෝධානයට ලක්කොට තිබේ

.සාමාජිකයින් දෙදෙනකු ප්‍රවාහන උපදෙපාර්තුමේන්තුවේ සේවකයින දෙදෙනකු මේ වනවිට ජීවතක්ෂයට පත්වී තිබෙනවා.ආයතනය රැකගන්නවා පමණයි සේවකයා රැකගන්න ක්‍රමවේදයක් නැහැ.මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙලක්  දුම්රිය බලධාරීන් දියත්  කර නොමැති කමින් අද මධ්‍ය රාත්‍රියේ සිට සියළුම දුමරිය ස්ථානාධිපතිවරු රාජකාරියනේ ඉවත්වීමට තීරණය කොට ඇත. 24 ක කාලයක් සේවයෙන් ඉවත්වී අවශ්‍ය කාරනා සලකන්න කියා රජයට බලකරනවා.

. විශේෂයේ හෙට දිනයේ මගීජනතාවට වන අපහසුතාවය වෙනුවෙන් සමාව අයදිනවා. අනතුරට පත්වන්නේ දුම්රිය සේවකයින් පමණක් නොව මගී ජනතාවටත් අවධානනම් ඇති බැවින් මගීන්ගේ හා දුම්රිය සේවකයාගේ ආරක්ෂාව වෙනුවේන් බලධාරීන් කටයුතු කරනු සිතමි . එයට විසදුමක් නොලබුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now





ReeCha