පාලක මැදිරියට කොව්ඩ් - .සමස්ථ දුම්රිය සේවාවම දැඩි අවධානමක ...
.
දුම්රිය පාලක කාර්යාලයේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමේන්
මේ වනවිට දුම්රිය සේවාව පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්විි ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය ධාවනය වීමේදී කොළඹ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ පාලක මැදිරියේ දුම්රිය ස්ථානාධිපතිවරන් අතිණි. මේ අයුරින් තිබියදී දුම්රිය ධාවනය කිරිමේදී මගී ජීවිතද දැඩි අවධානමක පවතී. දුම්රියයන් ධාවනයේදී ,සීඝ්‍රගාමී දුම්රියයක් වෙනත් දුම්රිය මාර්ගයකට මාරු කොට ගෙන්වා ගැනිමේදී හා ඉක්මනින් ප්‍රමාදයකින් තොරව අනතුරක් නොවී ධාවනයට පියවර ගන්නේද දුම්රිය පාලක මැදිරියේනි.
නමුත් මේ වනවිට දුම්රිය පාලක මැදිරියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් ඇතුලුව 12 දෙනෙකු පමණ මේ වන විට කොවියිඩ්-19 ආසාදනය වී තිබීම මෙන්ම අනෙකුත් ආශ්‍රිත දුම්රිය ස්ථානාධිපතිවරුන් නිරෝධායනයට යොමු කොට තිබේ. එම නිසා දුම්රිය පාලක මැදිරිය නිලධාරීන්ගෙන් තොර හිස්වි තිබෙන දක්නට ලැබේ.මීට අමතරව කළුතර ,ඉඳුරුව ,කොලොන්නාව , යන දුම්රිය ස්ථානවල සේවකයන්ද කොවියිඩ්-19 ආසාදිතයින් වීම හේතුවෙන් දුම්රිය සේවාව පවත්වාගෙන යාම පිළිබදව දැඩි අර්බුදයකට ලක්වී ඇතැයිද කසුන් චාමර මහතා පවසයි.
කොවියිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දුම්රිය සේවකයන්ට ලබා දීමට තිබු සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය ලබා දීම හිතාමතාම ප්‍රමාද කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. දුම්රිය සේවකයන් වෙත ගුණාත්මක භාවයෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය ලබා දීමට අපොහොසත් වූවත් , දුම්රිය බලධාරීන් ඔවුන් සේවය කරන විට සෞඛ්‍යාරක්ෂිත සියලුම සම්පත් යොදා ගනිමින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් .
මෙවැනි තත්ත්වයක් මත දිනෙන් දින දුම්රිය සේවකයන් ආසාදිතයින් වීම නිසා ඉදිරියේදී මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා සැපයීම ගැටලුකාරි ,දැඩි අවධානම් සහගත සංධිස්ඨානයකට පත්වී ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
