බීමතින් රිය පැදවුවොත් වෙනදේ මෙන්න ...

srilanka transprost gamine lokuga
By Nimal Aug 09, 2021 11:31 AM GMT
Nimal

Nimal

Report

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන දහයක් වටිනා චෙක්පත ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත බත්තරමුල්ල සුහුරුපායේ අද බාරදී දෙන ලදි.බීමතින් රිය පැදවුවොත්  වෙනදේ මෙන්න ... | Srilanka Transprost

රජයේ ගිණුම් කාරක සභාව විසින් මාර්ග අනතුරු පාලනයට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා රථවාහන පොලිසියට ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වෙත ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල මේ යටතේ මිලදී ගැනීම සිදු කෙරේ .

පසුගිය කාල සීමාව තුළ සිදු වූ අනතුරු විශ්ලේෂණය කිරීමේ දී මාර්ග අනතුරු ඉහළ අගයකින් සිදුවූවත් මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් වාර්තා වන්නේ අඩු වශයෙන් බව ශ්‍රී ලංකා රථ වාහන පොලිසිය දත්ත මගින් තහවුරු වන අතර මෑත කාලයේ දී ඊට හේතු වී ඇත්තේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයට පෙළඹවීම බව රථවාහන පොලිසිය හා අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තහවුරු කරයි. මෙ යටතේ මත්පැන් භාවිතා කර රිය ධාවනය කරනු ලබන රියදුරන් නීතියේ රැහැනට අසුකර ගත්තද මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට අසු ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයක් නොමැතිව තිබූ නිසා හඳුනාගෙන ඇති පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීම මගින් එම අඩුපාඩුව මගහැරී යනු ඇත .

මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස්, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් මේන්ස්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු , යන මහත්ම, මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

ReeCha