ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට....

srilanka transprost kasun chamarsra
By Nimal Aug 06, 2021 09:50 AM GMT
Nimal

Nimal

Report

  උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඹ්මන්ත දුම්රිය ස්ථාන දක්වා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5(එකහමාරක) වියදමකින් තිබෙන දුම්රිය මාර්ගය ගලවා අලුතින් දුම්රිය මාර්ගය හදන එක ජාතික අපරාධයක් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

කාර්යක්ෂම දුම්රිය සේවාවක් පැවැත්වීමට නම් තිබෙන දුම්රිය මාර්ගය ගලවා හදන එක නෙමේ සිදු විය යුත්තේ එම මාර්ගය තිබියදී අලුතින් මාර්ගයක් ඉදිකිරීීමයි. නමුත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ඕනෑ එපාකම් මැද තිබෙන යකඩ ටික විකුණා ගැනීමේ අරමුණින් දැනට තිබෙන දුම්රිය මාර්ගය මුලුමනින්ම ගැලවා එම යකඩ විකුණා අලුතින් දුම්රිය මාර්ගය එලීමට කටයුතු කෙරේ.

එම මාර්ගය තිබියදී තවත් දුම්රිය මාර්ගයක් එලිමට ඉඩම් තිබෙනවානම් මගී ජනතාවට කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලබාදීම සදහා මහව ඹ්මන්ත අතර ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට ඇමෙරිකානු ඩොලර් මිලියක එක හමාරක මුදලින් කල හැකිවෙයි. මුහුදු බඩ මාර්ගයේද මෙවැනිම නවීකරන කටයුතු විටින්විට සිදු කළද තිබෙන දුම්රිය මාර්ග ගලවා යලි අලුතින් එම මාර්ගයම නවීකරණ ය කිිරීම සිදුවෙයි.

මෙය ජාතික අපරාධයකි.එම නිසා මහව ඹ්මත්ත දුම්රිය මාර්ගය ඉදි කිරිමේ ව්‍යාපෘතිය සදහා කමිටුවක් පත් කරන්නේනම් මෙම ක්‍රමවේදයන් සංශෝධනය කල හැකිවෙයි. ද්විත්ව දුම්රිය මාර්ගය නොදමා තිබෙන එකම අලුත්වැඩියා කිරිමේන් සිදු වන්නේ දුම්රිය මාර්ගයේ යකඩ විකුණා කෑමකි .

ජනාධිපති තුමනි මෙම විනාසය පිලිබද වහාම පරික්ෂණයක් පවත්වන්න . එසේ නොකර ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරිමට කටයුතු නොකල හොත් දුම්රිය වෘත්තීය සමිති සියල්ල එක්විඉදිිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක් ගන්නා බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

ReeCha